spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝරි ඇන්ඩර්සන් ඇමරිකානු ජාතික කණ්ඩායමෙන් යළිත් ක්‍රිකට් පිටියට

නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කෝරි ඇන්ඩර්සන් ඇමරිකානු විස්සයි විස්ස සංචිතය සඳහා නම්කර තිබෙනවා.

කැනඩාව සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නම් කළ 15 දෙනෙකුගෙන් යුත් ඇමරිකානු සංචිතයට ඔහුව ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන ඇන්ඩර්සන් 2018 නොවැම්බරයේ නවසීලන්තය වෙනුවෙන් අවසන්වරට ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා කළා.

ඉන් පසු වසර 5 කට වැඩි විරාමයකින් අනතුරුව ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීමට සූදානම් වනවා.

2020 වසරේ දී ඇමරිකාවට ගිය ඇන්ඩර්සන් එරට දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වනු ලැබුවා.

මීට අමතරව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ද මෙම විස්සයි විස්ස සංචිතය සඳහා නම්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?