spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝපා සභාපති ධුරය ලසන්ත අලගියවන්නට

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න තේරී පත්ව තිබෙනවා.

මෙය පාර්ලිමේන්තු‌වෙහි ඇති මූල්‍ය කාරක සභා දෙකෙන් එකකි.

එය තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු‌ගෙන් සමන්විත වෙයි.

මෙම කාරක සභාවේ කාර්යය වන්නේ පොදු විය හියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් දෙනු ලබන මුදල් ඒ ඒ කටයුතුවලට යෙදැවුණු අන්දම දැක්‌‌වෙන ගිණුම් පරීක්ෂා කිරීමයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ රජයේ, එහි අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල, හා පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව හා මූල්‍ය විනය පිළිබඳ සොයා බැලීමයි.

ස්ථාවර නියෝග 125 යටතේ සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත මෙම කාරක සභාව, එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපිත කෙරේ.

එය පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු කරන අතර එහි ඝනපුර්ණය 04කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?