කෝපා කමිටුවේ සභාපති තනතුර මන්ත්‍රී අරවින්ද සෙනරත්ට

දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් තේරී පත්ව තිබෙනවා.

සභාපති ධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ නම ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චන්දන සූරියආරච්චි සහ සුසන්ත කුමාර නවරත්න යන අය විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කරනු ලැබුවා.

කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ රට දැවැන්ත මූල්‍ය අර්බුදයෙන් නිවැරදි දිශානතිය වෙත රැගෙන යාමේ අභියෝගය ජයගැනීම සඳහා සියලු දෙනාගේම කැපවීම අපේක්ෂා කරන බවයි.

එමෙන්ම කාරක සභාවේ ඉදිරි කටයුතු ඉතා අපක්ෂපාතීව සහ ස්වාධීනව ඉටුකිරීමට අපේක්ෂා කරන බවත්, නොබියව නිවැරදි තීන්දු තීරණ ගෙන ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට කිසිසේත්ම පසුබට නොවන බවත් සභාපතිවරයා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12