කෝප් කමිටුවට මුදල් අමාත්‍යාශයෙන් පැසසුම්

කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ කලක් තිස්සේ පැවති අක්‍රමිකතා හෙළිදරව් කිරීම හේතුවෙන් අදාළ අක්‍රමිකතා මගහරවාගෙන ආයතනය දියුණු කිරිමට කටයුතු කිරීමට හැකිවි ඇති බැවින් ඒ පිළිබඳ කෝප් කමිටුවට සිය ස්තූතිය පල කරන බව පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අදහස් පළ වූයේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වෙත 2023 මාර්තු 07 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

කෝප් කමිටුවේ නියෝග මත ආයතනය විසින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තා සහ ලිපි ලේඛන සලකා බැලූ බවත් මේ වන විට ආයතනය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කරන බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළා.

කාර්ය මණ්ඩල බඳවා ගැනීම් විධිමත් කිරීම

මෙහිදී මහා භාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ කෝප් කමිටුව විසින් ලබා දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවර ලෙන ඇති බව සහ ඒ අනුව ආයතනයේ කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය බඳවා ගැනීමේ පටිපාටි කළමණාකරනසේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කොට මේ වන විට දැන්වීම් පල කොට තිබේ.

වාර්ෂික වාර්තා සහ සංයුක්ත සැලැස්ම ඉදිරිපත් කිරීම

එමෙන්ම ආයතනයේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමද කඩිනම් කිරීමට කටයුතු කරන බවද මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. ආයතනයේ සංයුක්ත සැලැස්ම මේ වන විටත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති බවත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමතියට යටත්ව එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් මෙහිදී අවධාරණය විය.

සංයුක්ත සැලැස්මේ ව්‍යාපාරික අරමුණු

දැනට ඉදිරිපත් කර ඇති සංයුක්ත සැලැස්මේ අඩංගු ව්‍යාපාරික අමුණු සාක්ෂාත් කිරීමේ උපායමාර්ග පිළිබඳ කෝප් සභාපතිවරයා මෙහිදී විමසා සිටියේය. එහිදි නිලධාරින් සඳහන් කළේ ආයතනයේ ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපායමාර්ගික සැලැස්මක් මේ වන විට සකස් කොට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

අක්‍රමිකතා පිළිබඳ මූලික විමර්ශන

කමිටුවේ නිර්දේශ අනුව ආයතනයේ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කොට අතුරු වාර්තාවක් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කොට ඇති බවද මෙහිදී ප්‍රකාශ විය. එයට අමතරව ආයතනයේ අක්‍රමිකතා රැසකට වගකිවයුතු යැයි සැලකෙන සාමාන්‍යාධිකාරීවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඒ පිළිබඳ පරික්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවද පැමිණ සිටි නිලධාරිහු පෙන්වා දුන්හ.

මෙහිදී පරික්ෂණ වාර්තාව පිළිබඳ අදහස් දැක්වූ නිලධාරින් පෙන්වා දුන්නේ 2006 සිට කටයුතු කළ උක්ත සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් පරිපාලණ ගැටලු රාශියක් මතුව ඇති බවයි.එයට අමතරව අක්‍රමවත් බඳවා ගැනීම්, ප්‍රතිරක්ෂණය ක්‍රියාත්මක නොකිරීම, නිලධාරින්ට රාජකාරී ලැයිස්තු ලබා නොදීම, නිලධාරීන්ට අසමාන අයුරින් සැලකීම, ආයතනයේ සුභසාධනය කපා හැරිම, ආයතනයේ කාර්ය සාධනය දිගින් දිගටම අඩුවීම ඇතුළු අනෙකුත් අක්‍රමිකතා රැසක් වාර්තාව මගින් අනාවරණය වූ බවයි.

මෙහිදී කෝප් කමිටු සාමාජිකත්වය උපදෙස් ලබා දුන්නේ සිදුකර ඇති විමර්ෂණය ප්‍රමානවත් නොවන බැවින් ආයතනයේ සිදුවී ඇති ගණු දෙණු සම්බන්ධව වෝහාරික විගණනයක් හෝ එවැනි ගැඹුරු විමර්ෂණයක් පවත්වන ලෙසයි. මාස 06කට පසු ආයතනයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව නැවත කැඳවන බවද සභාපතිවරයා දැනුම් දුන්නේය.

එයට අමතරව ආයතනයේ සමහර ලිපිගොණු අතුරුදන් වීම සහ පැරණි ඩිජිටල් දත්ත මකා දැමීම සම්බන්ධව මෙන්ම තොරතුරු වාර්තා වන බව සඳහන් කළ කොප් කමිටු සාමාජිකත්වය ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට දැනුම් දුන්නේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14