spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 500ක මුදල් වංචාවට නිළියක් සමඟ ඇල්ලූ සැකකරු යළි රිමාන්ඩ්

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ට්‍රෙඩ්වින් නැමැති මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි 500කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරිදු ඉරෝෂ් වීරසේකර නැමැති සැකකරු ලබන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අදාළ සැකකරු අද (05) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු සමඟ අත්අඩංගුවට ගත් ඔහුගේ අනියම් බිරිඳ බව කියන ටෙලි නාට්‍ය නිළියද එම දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

සැකකරු අද (05) දිනයේ අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ මුල්‍ය වංචාවට හසුවූ තැන්පත්කරුවන් පිරිසක් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?