spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 29ක මැණික් රටින් පන්නන්න ගිය කාන්තාව රේගු දැලේ පැටලෙයි

රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් (291,000,000) වටිනා මැණික් තොගයක් රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ නොකර , නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්.

ඇය අද අලුයම 03.13ට ඉන්දීය ගුවන් සේවයේ AI- 274 දරන ගුවන් යානයෙන් චෙන්නායි බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම කාන්තාව හැඳ සිටි ඇඳුම් අතර කිලෝ 02 යි ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 75ක් (2311.75g) බරැති මැණික් තොගය සඟවා ගෙන තිබූ බව සඳහන්.

අදාළ මැණික් තොගය කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකාර කාන්තාව අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?