කෝටි 29ක මැණික් රටින් පන්නන්න ගිය කාන්තාව රේගු දැලේ පැටලෙයි

රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් (291,000,000) වටිනා මැණික් තොගයක් රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ නොකර , නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්.

ඇය අද අලුයම 03.13ට ඉන්දීය ගුවන් සේවයේ AI- 274 දරන ගුවන් යානයෙන් චෙන්නායි බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම කාන්තාව හැඳ සිටි ඇඳුම් අතර කිලෝ 02 යි ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 75ක් (2311.75g) බරැති මැණික් තොගය සඟවා ගෙන තිබූ බව සඳහන්.

අදාළ මැණික් තොගය කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකාර කාන්තාව අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30