කෝටි 23ක කුෂ් ගෙන ආ අමෙරිකානුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි විසිතුනක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අමෙරිකානු ජාතිකයෙකු, ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ව්‍යාපාරිකයන් සඳහා වූ රක්ත මාවත (Red Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී ඊයේ (15) පෙරවරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ සැකකරු 31 හැවිරිදි ඉඩම් වෙළෙඳාමේ නිරත සමාගමක නිලධාරියෙකු බවයි.

ඊයේ පෙරවරු 10.15 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝග්‍රෑම් 01 බැගින් වූ පැකට් 23ක් ලෙස සකස් කර මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 23ක ප්‍රමාණය සඟවා තිබූ බව ද සඳහන්.

තායිලන්තය තුළ මේ වනවිට ‘කුෂ් වැනි මත්ද්‍රව්‍ය නීත්‍යනුකූලගත කර ඇති නිසා එවැනි මත්ද්‍රව්‍ය සුලබ ව එරට විවෘත වෙළෙඳපොළ තුළින් සොයා ගත හැකි බැවින් මේ වන විට වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට කුෂ්, හෂීස් සහ කොකේන් ගෙන ඒමේ ප්‍රවණතාවක් වාර්තා වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36