spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 12ක රත්‍රන් ගෙනා ඉන්දීය කාන්තාව කෝටි 11ක දඩය සැනෙකින් ගෙවයි

රුපියල් කෝටි 12ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති රේගු පරීක්ෂණයේ දී ඇයට ගෙවීමට නියම වූ රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩය එසැනින් ගෙවා දැමීමට ඇය කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

මෙම ඉන්දීය ජාතික කාන්තාව ඊයේ (22) දින අලුයම ඩුබායි සිට කිලෝ 05 යි ග්‍රෑම් 500ක් බරැති ස්වර්ණාභරණ තොගය සිය සිරුරෙහි සහ අත් බෑගයේ සඟවා ගෙන නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබුණා.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කමල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී ඇය විසින් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමටයි නියෝග කෙරුණේ.

පසුව ඇයට තවත් රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

ඒ අනුව මෙම ඉන්දීය ජාතික කාන්තාව රැගෙන ආ ස්වර්ණාභරණ තොගයේ වටිනාකම සහ ඇයට ගෙවීමට නියම වූ දඩ මුදලේ එකතුව රුපියල් කෝටි විසි හතරකට ආසන්න වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
19
+1
12
+1
3
+1
4
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?