කෝටි 12ක රත්‍රන් ගෙනා ඉන්දීය කාන්තාව කෝටි 11ක දඩය සැනෙකින් ගෙවයි

රුපියල් කෝටි 12ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති රේගු පරීක්ෂණයේ දී ඇයට ගෙවීමට නියම වූ රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩය එසැනින් ගෙවා දැමීමට ඇය කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

මෙම ඉන්දීය ජාතික කාන්තාව ඊයේ (22) දින අලුයම ඩුබායි සිට කිලෝ 05 යි ග්‍රෑම් 500ක් බරැති ස්වර්ණාභරණ තොගය සිය සිරුරෙහි සහ අත් බෑගයේ සඟවා ගෙන නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබුණා.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කමල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී ඇය විසින් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමටයි නියෝග කෙරුණේ.

පසුව ඇයට තවත් රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

ඒ අනුව මෙම ඉන්දීය ජාතික කාන්තාව රැගෙන ආ ස්වර්ණාභරණ තොගයේ වටිනාකම සහ ඇයට ගෙවීමට නියම වූ දඩ මුදලේ එකතුව රුපියල් කෝටි විසි හතරකට ආසන්න වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16