කෝටි 10කට අධික දේපළ රජයට පවරා ගැනීමට පියවර

නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සතු රුපියල් කෝටි 10කට අධික වටිනා දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (21)දින පවරා ගැනීමට කටයුතු කළා.

වසර 30 ක කාලයක් තිස්සේ අදාළ පුද්ගලයා විසින් නීති විරෝධී ලෙස උපයන ලදැයි කියන දේපලයි මෙලෙස පවරාගෙන ඇත්තේ.

අදාළ පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සතු රුපියල් ලක්ෂ අසූවකට අධික වටිනා ටිපර් රථයක්, නිකවැරටිය නැබඩෑව ප්‍රදේශයේ කුඹුරු අක්කර 30 ක්, නවීන නිවසක් සහිත ගොඩ ඉඩම් අක්කර තුනක්, තවත් ඉදිකරමින් පවතින නිවසක් සහිත ගොඩ ඉඩම් අක්කර තුනක් මෙලෙස පවරාගත් දේපළ අතරට ඇතුලත්.

එමෙන්ම මෙම පුද්ගලයාට වසර 15 ක් පමණ නීති විරෝධී මත්පැන් ජාවාරම කරගෙන යාමට සහය වූ පුද්ගලයෙකු සතු ‍රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු අධි සුඛෝපභෝගී මයික්‍රෝ වර්ගයේ වෑන් රථයක් මෙලෙස පවරාගෙන තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ පනතේ 7.1 වගන්තිය ප්‍රකාරව මෙම පවරාගැනීම් සිදු කෙරුණා.

අදාළ ජාවාරම්කරු නීති විරෝධී මත්පැන් සම්බන්ධ වැරදි හේතුවෙන් 40 වතාවකට ආසන්න වාර ගණනකදී පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයෙකු බවද විමර්ශන නිලධාරීන් විසින් සඳහන් කළා.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ වයඹ පළාත තුල මේ ආකාරයට නීති විරෝධී ක්‍රියා තුලින් වත්කම් රැස්කරගත් පුද්ගලයින් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම එම පුද්ගලයින්ට සහය දක්වන ලද පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48