spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි පහක රත්තරන් ගුවන් තොටේදී රේගු භාරයට

රුපියල් කෝටි 05 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් තොගයක් නීති විරෝධිව මෙරටට රැගෙන එන ලද පුද්ගලයෙකු අද (02) උදෑසන රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා.

ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට ආ ශ්‍රී ලාංකික මගියකු විසින් මෙම රත්තරන් තොගය ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

එම රත්තරන් තොගය තුළ රත්තරන් බිස්කට් 16ක් සහ උණුකරන ලද රත්තරන් කැබලි 04ක් තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒවායේ මුළු බර ග්‍රෑම් 2098ක් වන අතර අදාල රත්තරන් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් 50,000 දඩයක් නියම කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?