කෝටි පහකට වැඩි රන් පන්නන්න හැදූ ගුවන් තොටේ පිරිසිදු කිරීමේ සේවිකාව මාට්ටු (ඡායාරූප)

රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා රන් ආභරණ සහ රත්රන් ජෙල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කළ ගුවන් තොටුපොළ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම කාන්තාව අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව වේයන්ගොඩ, මිරිදියලන්ද ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක්.

ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වැසිකිළියක් තුළ දී මෙම රන් ආභරණ සහ ජෙල් තොගය අඩංගු පාර්සලය කාන්තාවක් විසින් මෙම සේවිකාවට ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය ගුවන් තොටුපොළෙන් පිටත සිටින පුද්ගලයෙකුට ලබාදුන් පසු ඇයට රුපියල් හැටදහසක මුදලක් ලබාදෙන බවට අදාළ කාන්තාව විසින් පොරොන්දු වී තිබෙනවා.

එම පොරොන්දුව මත තමන් එම පාර්සලය රැගෙන ගිය බවයි පිරිසිදු කිරීමේ සේවිකාව රේගු නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පාර්සලය තුළ රත්රන් ආභරණ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 400ක් සහ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 350ක් බරැති රත්තරන් ජෙල් තොගයක් තිබී සොයාගෙන තිබෙනවා.

මෙම රත්තරන් ජෙල් තොගය තුළ 95% ක ප්‍රතිශතයක ප්‍රමාණයකින් පිරිසිදු රත්තරන් ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීවරයෙකු සඳහන් කළා.

අත්අඩංගුවට ගැනුණු සේවිකාව රඳවා තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

20240210 140128 scaled
20240210 135921 scaled
20240210 140105 scaled
20240210 135916 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21