කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාර්ක් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (21) දින සවස කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් උපයාගන්නා ලද ආකාරය තහවුරු කිරීමට නොහැකි වූ රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 54 හා 59 වයස්වල පසුවන කොළඹ 13 හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් මෙම මුදල් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදල් ද යන්න සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













