කෝටි තුනක අයිස් කොළඹ යවන්න හැදූ දෙදෙනෙක් පොලිස් දැලේ (ඡායාරූප)

ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 03ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (09) සවස කල්පිටිය – සින්නකුඩිරිප්පුව ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන එන ලද මත්කුඩු තොගයක් කොළඹ ප්‍රදේශයට රැගෙන යාමට සූදානමක් ඇති බවට ලද තොරතුරක් මත දින කිහිපයක් සිදුකර ඇති ආවේක්ෂණ රාජකාරි වලින් අනතුරුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර, සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14