යට ඇඳුමේ සඟවා මෙරටින් පන්නන්න හැදූ මැණික්

රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික් තොගයක්, සිය ඇඳ සිටි යට ඇඳුම් අතර සඟවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු සහ දියණියව අත් අඩංගුවට ගැනුණා.

පෙරේදා (13) රාත්‍රියේදී මොවුන් ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණේ රේගු නිලධාරීන් පිරිසක් විසින්.

45 හැවිරිදි චීන ජාතිකයා සහ ඔහුගේ 21 හැවිරිදි දියණිය හට මෙරට වාසය කිරීම සඳහා නේවාසික වීසා හිමිවූවන් බවයි හෙළි ව ඇත්තේ.

ඔවුන් මෙරට විවිධ පළාත්වල සංචාරය කරමින් ව්‍යාපාරික කටයුතු සිදු කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා පෙරේදා රාත්‍රී 07.30 ට පමණ චීනයේ චොන්ග්ක්වින්ග් (Chongqing) නුවර බලා පිටත්ව යන චොන්ග්ක්වින්ග් ගුවන් සේවයේ ඕ.කිව්.- 2394 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර මොවුන්ගේ සිරුරු පරිලෝකන යන්ත්‍ර (Scan Test) මගින් පරීක්ෂා කිරීමේ දී ඔවුන් සඟවා ගෙන තිබූ මැණික් තොගය සොයාගැනීමට හැකි වුණා.

සොයාගැනුණු මැණික් අතර චන්ද්‍රකාන්ති, ගෝමේද, ආරනූල්, වෛරෝඩි සහ පච්ච යන වර්ගවලට අයත් ග්‍රෑම් 689.5ක් බර මැණික් තොගයක් තිබූ බවයි වාර්තාකරු පැවසුවේ.

විධිමත් රේගු පරීක්ෂණයකින් අනතුරුව මැණික් තොගය රාජසන්තක කිරීමට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තීරණය කළ අතර, ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14