spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි ගණනක 5000 නෝට්ටු ජනපති මන්දිරයෙන් සොයා ගනිද්දී, දේශබන්දුගෙන් ආ හදිසි ඇමතුම (වීඩියෝ)

කොටුව ජනාධිපති මන්දිරයේ තිබී විශාල මුදල් තොගයක් සොයා ගැනීමට ජනාධිපති මන්දිරයට ඇතුළු වූ විරෝධතාකරුවන් පිරිසකට ඊයේ (09) හැකියාව ලැබුණා.

රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් මෙලෙස සොයා ගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස සොයාගනු ලැබූ මිටි මෙන් බැඳ තිබූ රුපියල් 5000 නෝට්ටු තොගය විරෝධතාකරුවන් විසින් ගණින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ එනවිට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසින් එම මුදල් තොගය ඒ වන විට ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ඔහු එම මුදල භාර නොගෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර පසුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් මුදල් සොයාගත් ස්ථානය නිරීක්ෂණය කර එහි සිටි විරෝධතාකරුවන් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන මුදල් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

එලෙස පොලිස් භාරයට ගත් මුදල් තොගය අධිකරණයට වාර්තා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිය දී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හදිසියේම කොටුව පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දී, හෙට උදෑසන වන විට එම මුදල් තොගය පොලිසිය භාර ඇමැතිවරයාට ලබාදෙන ලෙස පැවසූ බවට පුවතක් මේ වනවිට පැතිර යනවා.

එහිදී කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ද දැනුම් දී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

https://youtu.be/PomwbwJIkuk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
115
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?