කෝටි ගණනක 5000 නෝට්ටු ජනපති මන්දිරයෙන් සොයා ගනිද්දී, දේශබන්දුගෙන් ආ හදිසි ඇමතුම (වීඩියෝ)

කොටුව ජනාධිපති මන්දිරයේ තිබී විශාල මුදල් තොගයක් සොයා ගැනීමට ජනාධිපති මන්දිරයට ඇතුළු වූ විරෝධතාකරුවන් පිරිසකට ඊයේ (09) හැකියාව ලැබුණා.

රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් මෙලෙස සොයා ගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස සොයාගනු ලැබූ මිටි මෙන් බැඳ තිබූ රුපියල් 5000 නෝට්ටු තොගය විරෝධතාකරුවන් විසින් ගණින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ එනවිට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසින් එම මුදල් තොගය ඒ වන විට ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ඔහු එම මුදල භාර නොගෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර පසුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් මුදල් සොයාගත් ස්ථානය නිරීක්ෂණය කර එහි සිටි විරෝධතාකරුවන් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන මුදල් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

එලෙස පොලිස් භාරයට ගත් මුදල් තොගය අධිකරණයට වාර්තා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිය දී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හදිසියේම කොටුව පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දී, හෙට උදෑසන වන විට එම මුදල් තොගය පොලිසිය භාර ඇමැතිවරයාට ලබාදෙන ලෙස පැවසූ බවට පුවතක් මේ වනවිට පැතිර යනවා.

එහිදී කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ද දැනුම් දී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

https://youtu.be/PomwbwJIkuk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37