කෝටි ගණනක විදෙස් දුම්වැටි සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel ) ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් 06 දෙනෙකු ාද (19) දින ගුවන් තොටුපොළ රේගු නිලධාරී සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් අතරින් සිව් දෙනෙකු පිරිමි ගුවන් මගීන් වන අතර ඉතිරි දෙදෙනා කාන්තාවන්.

ඔවුන් දෙදෙනා අතරින් එක් අයෙකු විදේශීය ගුවන් මගී කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සියලු දෙනා ඩුබායි, සාජා සහ බැංකොක් යන ගුවන්තොටුපොළවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ මෙම විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 84,000ක් අඩංගු දුම්වැටි කාටූන් 420ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් ව අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14