කෝටි ගණනක වත්කම් ඉපැයූ හිටපු කොමාන්ඩෝ සෙබලා ගැන විශේෂ විමර්ශනයක් (ඡායාරූප)

මහා පරිමාණයෙන් ගංජා ජාවාරමේ නිරත ව නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි ගණනක වත්කම් උපයා ගත් බව කියන පොත්තපිටිය පොලිස් වසමේ මැණික්දිවෙල තිරුවන ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහනුවර පොලීසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම පුද්ගලයා ඉතා කෙටි කාලයක දී රුපියල් කෝටි 02කට අධික මුදලක් වැයකර නිවසක්
ඉදිකර තිබෙන බවත් ඊට අමතර ව ඔහු සතුව රුපියල් ලක්ෂ 50කට වැඩි මූල්‍ය වටිනාකමක් ඇති යතුරුපැදි 03ක් හා ත්‍රීරෝද රථයක් තිබෙන බවත් හෙළි ව ඇති බවයි.

අදාළ පුද්ගලයා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්ත ව සේවය කර පසුව ඉන් ඉවත්ව තිබෙන බව හෙළි ව තිබෙනවා.

මේ වනවිට ගංජා ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු මැණික්දිවෙල ප්‍රදේශයේ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයකර නිවසක් ඉදිකර තිබෙන බවත්; මේ සඳහා මුදල් ලැබුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තහවුරු කිරීමක් කරන්නට ඔහුට නොහැකි වී තිබෙන බවත් වැඩිදුර පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් එක් යතුරු පැදියක් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමින් යුක්ත බව ද තහවුරු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ඇති.

IMG 20240630 WA0086


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03