spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි ගණනක මූල්‍ය වංචාවකට තවත් කතක් අල්ලයි

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයක දී සැකකාර කාන්තාව ඇල්පිටිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෝටිපති කාන්තාවක් ලෙසට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මෙම මුදල් වංචාවන් මැය විසින් සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය කඩවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසයි නියෝග කර ඇත්තේ.

මේ අතර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි රඳවා සිටින වාට්ටුවේ තිබී තවත් ජංගම දුරකථනයක් සොයාගෙන ඇති බව වාර්තා වුණා.

එම ජංගම දුරකථනය ද විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?