කෝටි ගණනක් වටිනා කොකේන් ගුලි තොගයක් උදරයේ සඟවාගෙන ආ විදෙස් කතක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් කෝටි ගණනක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි ලෙස සකස් කර ඒවා ගිලදමා පැමිණි අප්‍රිකානු ජාතික කාන්තාවක් ඊයේ (07) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 54ක ඇංගෝලා ජාතික ගුරුවරියක් බවයි වාර්තා වුණේ.

ඇය එච්.අයි.වී. ආසාදිත කාන්තාවක් බව රේගුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඇය කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 50ක් පමණ ගිල දමා ඇංගෝලාවෙන් ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර වෙත පැමිණ තිබුණා.

පසුව ඇය එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 654 දරණ ගුවන් යානයෙන් ඊයේ (17) කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණා.

වඩාත් තරබාරු ඇය රෝද පුටුවක ආධාරයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටවීමට තැත්කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාරිය අත්අඩංගුවට ගත් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඒ, අනුව ඔවුන් වහාම මෙම කාන්තාවගේ උදරයේ ඇති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි පිටතට ගැනීම සදහා මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහිදී ඇයගේ උදරයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 33ක් පිටතට ගෙන ඇති අතර, මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් තව දුරටත් විරේක බෙහෙත් ලබාදෙමින් උදරයේ ඉතිරිව ඇති මත්ද්‍රව්‍ය ගුලි පිටතට ගැනීමට ප්‍රයත්න දරමින් සිටින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21