spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි එක හමාරක කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුවයි ඊයේ (22) සවස වැටලීම සිදුකර ඇත්තේ.

කටුබැද්ද මාර්ග බාධකයේදී සැක කටයුතු ලොරියක් නතර කර පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 71යි ග්‍රෑම් 160ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු එම ලොරිය ද සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකරු 60 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට අධික බවයි ගණන් බලා ඇත්තේ.

ගල්කිස්ස පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?