spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි අසූවක් යට කරමින් විවාද කළ මෙවර අයවැය

2022 අය වැය විවාද පැවැති කාලසීමාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසනවා. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය නොවැම්බර් මස 12 වැනිදා අයවැය කතාව සිදුකළා. අනතුරුව නොවැම්බර් මස 13 වැනිදා සිට අයවැය විවාද ආරම්භ වූ අතර විවාද අවසන් වූයේ පසුගිය 10 වැනිදා පැවැත්වූ අයවැය අවසන් ඡන්ද විමසීමෙන් අනතුරුවයි. 

ඒ අනුව අයවැය විවාද පැවැත්වුණු දින ගණන 23 ක්. 

පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල රුපියල් දෙකෝටි පනස් හත් ලක්ෂයක් පමණ වනවා. අයවැය කාල සීමාවේදී පාර්ලමේන්තුවේ කටයුතු වැඩි වෙලාවක් සක්‍රියව පවතින හෙයින් අදාළ කාලසීමාවේදී වැය වන දෛනික මුදල ද වැඩි වන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?