spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර නාන තටාකයේ

දින කිහිපයක සිට අභිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළ සිරුර ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවසේ නාන තටාකයේ තිබී හමුවී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පැලවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ තිබී මෙම සිරුර හමුවී ඇති බවයි.

මළ සිරුර සොයා ගන්නා විට නිරුවත්ව තිබූ බව ද පොලිසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය ජනවාරි මස 30 වන දින නිවසින් පිටත්ව ගිය තම සහෝදරයා මෙතෙක් නිවසට නොපැමිණි බව පවසමින් මියගිය පුද්ගලයාගේ සහෝදරිය ඊයේ (1) වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන අතර ස්ථානීය අපරාධ පරීක්ෂණා නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?