ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය – 2026 පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේ පැවැත් වුණා.
මෙවර ඇසළ උත්සවය නිමිත්තෙන් 126 වන වරටත් සංවිධානය කරන කෝට්ටේ රාජමහා විහාරස්ථ ශ්‍රී දළදා මහා පෙරහැර සැප්තැම්බර් මස 12 වනදා රාත්‍රී 8 සිට වීථි සංචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත්ව සහ අභිමානවත් අන්දමින් පැවැත්වීම සඳහා අනුග්‍රහය ලබා ගැනීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම සම්බන්ධව මෙහිදී සාකච්ඡා වුණා.
පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනිම වෙනුවෙන් අනුග්‍රහය දක්වන සියලුම රාජ්‍ය ආයතන සහ මූල්‍යමය අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින් ඊට ලබා දෙන දායකත්වය සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරුණා.













