කෝච්චි ටිකට් ගන්න අලුත් ක්‍රමයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයට මුහුණ දීම සඳහා දුරකථනය මගින් දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික දුරකතන සේවා සැපයුම් ආයතනයක් සමග මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව කී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම ක්‍රමය ආරම්භ කළහොත් එය අනාගතයටත් වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සදහන් කළා.

ගැටළු සඳහා විසඳුම් ලබා නොදීම හේතුවෙන් තෙල්, සිමෙන්ති සහ තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ද ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර, ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 20ක පමණ අලාභයක් සිදුව ඇති බවයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ.

එසේම අදාළ මුදල වෘත්තීය සමිතිවලින් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරමින් සිටින බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළ දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඇතැම් ඉල්ලීය තම සංගමයට ද අහිතකර ලෙස බලපාන බැවින් ඒවාට විසදුම් ලබාදුනහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා ප්‍රකාශ කළේ.

එසේම පාර්සල් ප්‍රවාහනයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත්වීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවට දැඩි ලෙස පාඩු සිදුවී ඇති බැවින් කඩිනමින් ඔවුන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ.

මේ අතර, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කිරීමත් සමග ඊයේ මගීන් දුම්රියේ ගමන් කළේ කිසිදු මුදල් ගෙවීමකින් තොරවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31