කෝච්චිය එනකන් පොතක් කියවන්න අවස්ථාවක්

පළාත් පාලන සතියේ “පුනරුදයට පුරවරයක්” යන තේමාව යටතේ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සදහා හැටන් දුම්රිය ස්ථානයේ ජංගම පුස්තකාලයක් අද (19) දින පස්වරුවේ ස්ථාපනය කරනු ලැබුවා.

පළාත් පාලන සතියේ සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල දිනය වශයෙන් අද (19) දිනය නම්කර තිබූ අතර, ඒ වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න ඇතුලු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති අධයාපනය වශයෙන් වටිනාකමකින් යුත් පොත් 300ක් සහ පොත් රාක්කයක් හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු වෙත ලබා දෙනු ලැබුවා.

මෙම පුස්තකාලය සදහා ඕනෑම අයෙකුට අධ්‍යාපනික වටිනාකමකිනි යුත් පොත් පරිත්‍යාග කල හැකි බවත්, පොත් කියවීමට රුචිකත්වයක් දක්වන දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට මෙම ජංගම පුස්තකාලයෙන් පොත් නොමිලේ ලබා ගෙන එම පොත්
දුම්රිය පැමිණෙන තෙක් කියවා හෝ දුම්රිය ගමන්නාතය දක්වා කියවා එම පොත වෙනත් දුම්රිය ස්ථානයකට ලබා දිය හැකි බවත්, එම පොත ආපසු එම දුම්රිය ස්ථානයෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත යොමු කරන බවත් හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41