කොළඹ හතේ සිදුවූ අනතුරෙන් තුවාල ලබා සිටි PC ජීවිතක්ෂයට

කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ දී ඊයේ (05) පස්වරුවේ සිදුවූ රිය අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (06) අලුයම් කාලයේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙක්.

අදාළ පොලිස් නිලධාරියා රාජකාරියේ නිරතවී සිටිය දී මෝටර් එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියා යට කරගෙන CCC ක්‍රීඩාංගණය අසළ වටරවුමේ ජල පොකුණට ගොස් නතර වී තිබුණා.

අනතුර සිදුකළ සුඛෝපභෝගී මෝටර් රථය පදවා ඇත්තේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර 27 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරුගේ පියා මීට වසර ගණනාවකට පෙර එවකට හිටපු පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් මත ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස ස්වේච්ඡාවෙන් පොලිස් රෝහලේ සේවය කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එහි දී එම වෛද්‍යවරයාට උප සේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලය ලබාදී ඇති අතර, එම වෛද්‍යවරයා මීට වසර ගණනාවකට පෙර පොලිස් රෝහලේ සේවයෙන් ඉවත්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14