කොළඹ අවට ප්‍රදේශවල නවාතැන්ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මෙහිදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශය (කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය) තුල ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පෞද්ගලික පරිශ්‍රයන්, ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන්ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු ලබාගනු ඇති.
හෙට (14) සහ 15, 16 යන තෙදින තුල මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවයි පොලිසිය කියාසිටියේ.
ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත් කොළඹ නගරයේ අපරාධ හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දුරලීමත් අරමුණු කර ගනිමින් මෙය සැලසුම් කර තිබෙනවා.
නගරයේ තාවකාලිකව පදිංචිවී සිටින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීම උදෙසා “ජාතික ආරක්ෂාව සුරකිමු, අපරාධ මත්ද්‍රව්‍ය දුරලමු” යන මැයෙන් බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාශයයි මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව නිවෙස්වල සිටින හෝ ඉහත සඳහන් කළ වෙනත් ස්ථානවල තාවකාලික පදිංචිකරුවන් සිටී නම් මෙම දින 3 තුල තමන් පදිංචි ප්‍රදේශයේ මංමාවත් හා වීදිවල සංචාරය කරන ප්‍රජා පොලිස් නිලධාරීන් වෙතින් හෝ ආසන්නතම පොලිස් ස්ථානයෙන් අදාළ පෝරමයක් ලබාගැනීමට හැකියාව පවතිනවා.
පොලිස් ආඥා පනතේ 76 වගන්තිය ප්‍රකාරව සකස් කර ඇති මෙම පෝරමය ලබාගෙන තම ස්ථානවල සිටින තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුලත් කර අදාළ පොලිස් නිලධාරීන් වෙත හෝ අදාළ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.














It’s a gesture that govt. Is getting ready to suppress possible anti- govt activities in the guise of combatting drug trading. JVP & Sajith faction of the UNP are probably making efforts to bring demonstrations to Colombo streets.
Ha ha. Thawamath kade yana ekek. Rata bera ganna one rajapassalagen