කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම ගැන ජනපති ජපානයට කණගාටුව පළ කරයි

ජපාන රජයේ සහය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පළ කර තිබෙනවා.

විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශවයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

සියලු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සහ ව්‍යාපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යය කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

ජපානයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා අතර නිල හමුව අද (25) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සිදු වූ අතර එහිදීයි මෙම කරුණු ප්‍රකාශ කෙරුණේ.

ටෝකියෝ නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබුවා.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනරතුරුවයි දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණේ.

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනමනු ලැබුවා.

එමෙන්ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ නව අවස්ථා පිළිබඳව නායක දෙපළ සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අතර හමුවක් ද අද (25) ටෝකියෝ නුවරදී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

අනතුරුව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූවා.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වූ අතර ආර්ථික, සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

එසේම ජපාන – ශ්‍රී ලංකා සංගමය විසින් ටෝකියෝ නුවරදී අද (25) පැවැත්වූ උදෑසන භෝජන සංග්‍රහයට සමගාමීව පැවති හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා මහතා සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා යළි ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ජපාන ආයෝජකයින් දිරි ගන්වන ලෙස ද හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ටාරෝ අසෝ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද සිදු වූ අතර ශ්‍රී ලංකාව සමඟ පවතින සමීප මිත්‍ර සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳ එහිදී අවධානය යොමු වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් (Lawrence Wong) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද අද (25) පැවැත්වුණේ ටෝකියෝ නුවරදී යි.

එහිදී සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවේ යළි තහවුරු කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51