කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 13ක් අළුතින් හුදෙකලා කෙරේ

හෙට අලූ‍යම 05 සිට කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ තවත් ග‍්‍රාම නිලධාරි වසම් 13ක් හුදෙකලා කිරිමට තීරණය කළ බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. 

ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ හුණුපිටිය ග‍්‍රාම නිලධාරි වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිල පාර එලෙස හුදෙකලා කරනු ඇති. වැඩිම ග‍්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාවක් හුදෙකලා කරන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයේයි. 

ඒ අනුව වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය, හේකිත්ත, කුරුන්දුහේන, ඇවරිවත්ත සහ වැලිකඩමුල්ල යන ග‍්‍රාම නිලධාරි වසම් හුදෙකලා කරුනු ඇති. පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත, පෑලියගොඩ ගඟබඩ, මිගවත්ත සහ පට්ටිය – උතුර යන ග‍්‍රාම නිලධාරි වසම්ද හෙට අලූයම 05 සිට හුදෙකලා කරනවා. කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ ග‍්‍රාම නිලධාරි වසමද හුදෙකලා කිරීමට නියමිතයි.

කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මිට පෙර හුදෙකලා කළ ප‍්‍රදේශ කිහිපයක් හෙට අළුයම 05 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරිමට තීරණය කර ඇති බවයි. ඒ, අනුව කොළඹ දිස්ත‍්‍රික්කය බ්ලූ‍මැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග‍්‍රාම නිලධාරි වසම හුදෙකාලා භාවයෙන් මුද හැරෙනු ඇති.

වත්තල සහ පෑලියගොඩ යන පොලිස් වසම්වල හෙට සිට හුදෙකලා කරන ග‍්‍රාම නිලධාරී වසම් හැර සෙසු ප‍්‍රදේශවල හුදෙකලා භාවය ඉවත් කිරීමට නියමිතයි. මීට අමතරව මෙතෙක් හුදෙකලා කර ඇති කැළණිය පොලිස් වසමේ හුදෙකලා භාවය හෙට අලූයම 05 සිට ඉවත් කරුනු ඇති.

මෝදර, කොටහේන, ග‍්‍රෑන්ඞ්පාස්, ආදුරුප්පු වීදිය, වේල්ල වීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ සහ මරදාන යන පොලිස් වසම් තව දුරටත් හුදෙකලා කර තිබෙනවා. කොම්පඥ්ඥවීදියේ වෑකන්ද, බොරැුල්ලේ වනාත මුල්ල හා වැල්ලම්පිටියේ සාල මුල්ල යන ග‍්‍රාම නිලධාරී වසම්වල හුදෙකලා භාවයද තවදුරටත් කි‍්‍රයාත්මකයි. ලක්ස`ද සෙවන, රන්දිය උයන යන නිවාස සංකීරණ මෙන්ම ෆර්ගසන් පාරේ දකුණු කොටසද තවදුරටත් හුදෙකලා කර තැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14