කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයේ හමුවූ සමූහ සුසානයේ කැණීම් කටයුතු ඊයේ (26) දින යළි ආරම්භ කර තිබෙනවා.
කොළඹ වරාය දක්වා දිවෙන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී පසුගිය ජූලි මස 13වැනිදා ප්‍රථම වරට මිනිස් අස්ථි කොටස් හමු වූ බව සඳහන්.
මෙම සමූහ සුසානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවනු ලබන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ සහ පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව විසින් බවයි වාර්තා වන්නේ.













