කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදානි සමග එක්වෙයි.. ශ‍්‍රී ලංකා රජය එකගයි..- අදානි වෙබ් අඩවිය කියයි..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමූහ ව්‍යාපාරය සමග එක්ව සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළකර ඇතැයි, ඉන්දියාවේ අදානි සමූහය පිළිබඳව තොරතුරු පළකරන ‘අදානි වොච්’ (Adani Watch ) වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයශංකර් 2020 ජනවාරි 06වැනිදා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී මිට අදාළ එකඟතාවට පැමිණ ඇතැයිද එහි සඳහන්වේ. දැනට ඇනහිට ඇති පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය පෞද්ගලික ව්‍යවසායක් හරහා සංවර්ධනය කිරීම මෙම එකඟතාවේ අරමුණ බවද එහි වාර්තා කර ඇත .කෙසේවෙතත් කොළඹ වරාය වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව එම උත්සාහයට විරෝධය පළකර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

“2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.කෙසේවෙතත් 2019 නොවැම්බරයේ නව රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් අනතුරුව, විදේශීය රටවලට ප්‍රදානය කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේය.

කෙසේවෙතත් ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව අදානි සමූහයට නැගෙනහිර පර්යන්තය පිරිනැමීම දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශවී ඇත. වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන විසින් මිට අදාළව අත්සන් කරන ලද කැබිනට් සංදේශයක්ද ඉදිරිපත් කර ඇත.”යැයි ‘අදානි වොච්’ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

– aruna



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33