spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවලට අවශ්‍ය සුදුසුකම් ගැන ගැසට් නිවේදනයක්

කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ සහ එහි සිට තීරු බදු රහිත සිල්ලර වෙළඳ මෙහෙයුම් හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදු කිරීමට සපුරාලිය යුතු අවශ්‍යතා සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එහි දක්වා ඇත්තේ තීරු බදු රහිත සිල්ලර වෙළඳ මෙහෙයුම් පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යාමට අදහස් කරන පුද්ගලයන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක අවම ආයෝජනයක් සිදු කළ යුතු බවයි.

එම තැනැත්තාට තීරු බදු රහිත වෙළඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක් ඇති බවට සහ සුඛෝපභෝගී ඉහළ නැමියාවක සන්නාම නාමලත් සිල්ලර නිෂ්පාදන සමූහයකට ප්‍රවේශය ඇති බවට කොමිෂන් සභාව සෑහීමකට පත්වන පරිදි කරුණු පැහැදිළි කිරීම ද කළ යුතු වනවා.

එමෙන්ම තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යාමට අදහස් කරන අය ඇමරිකානු ඩොලර් මිලියන 7ක අවම ආයෝජනයක් සිදු කළ යුතු වන බවයි අදාළ ගැසට් නිවේදනය දැක්වෙන්නේ.

2355 30 S 1 scaled
2355 30 S 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?