කොළඹ වරායේ නෞකාවකින් දුමක්.. අනතුරුදායක බහලුම් ගොඩබායි..

සිංගප්පූරුවේ සිට යුරෝපය දක්වා සූවස් ඇල මාර්ගය ඔස්සේ ගමන් කිරීමට තිබූ EVERGREEN නෞකා ජාලයට අයත් MV Thalassa Patris බහලු ප්‍රවාහන නෞකාවේ අන්තරායකර බහලුවකින් කාන්දුවන දුමාරයක් පිළිබඳව එහි කාර්ය මණ්ඩලයට 2021 සැප්තැම්බර් 30 වන දින අනාවරණය කර ගැනීමට හැකි විය.

මෙම නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන EVERGREEN SHIPPING Agency Lanka (pvt) Ltd (හේමාස් සමූහය) විසින් මෙම අනතුරුදායක තත්ත්වය මත නෞකාව ඉදිරියට ගමන් කිරීමේ අවදානම් තත්ත්වය පිළිබඳව හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා දැනුවත් කරන ලදුව ඔහු මෙම හදිසි තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා සමග සාකච්ඡා කරන ලදි.

ඒ අනුව නැව් භාණ්ඩ වල වර්ගය හා ඇසුරුම් සටහන් නිරීක්‍ෂණය කිරීමෙන් පසුව අවශ්‍ය පරීක්‍ෂා කිරීම් සඳහා නෞකාව කොළඹ වරාය වෙත රැගෙන ඒමට තීරණය කෙරිණි.

මේ අතර ම, නෞකාව පිටත වරායේ නැංගුරම් ලා තිබියදී P&I රක්‍ෂණ සමාගම විසින් නෞකාවට ඇතුලු වී පවත්නා තත්ත්වය නිරීක්‍ෂණයෙන් පසුව නෞකාව වරාය තුළට රැගෙනවිත් කාන්දුවන බහලුව ගොඩ බෑම අනතුරුදායක නොවන බවද ඔවුන් විසින් තහවුරු කෙරිණි.

මේ සම්බන්ධයෙන් වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් විශාල සහයෝගයක් ලබාදුන් බවද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම සිදුවීමත් සමග කොළඹ වරාය, මෙවන් නෞකාවන් මුදවා ගැනීමේදී ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන් සිය විශේෂඥතාව හා හැකියාව තහවුරු කරන ලද්දේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නිලධාරීන්, ගිනි නිවන ඒකකය හා එහි තාක්‍ෂණික හැකියාව ප්‍රදර්ශනය කරමිනි. එමෙන්ම මෙවන් හදිසි තත්ත්වයකදී දේශීය නෞකා නියෝජිත ආයතන සිය පූර්ව දැනුවත් කිරීම් නිවැරදිව සිදු කරන්නේ නම් ඒ වෙනුවෙන් සහාය වීම සඳහා ඉතා කාර්යක්‍ෂමව හා නිවැරදිව ස්ථානගත වීමේ හැකියාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුය.

අනතුර ට පත් බහලුව කොළඹ වරාය වෙත ගොඩබෑමෙන් පසුව MV Thalassa Patris නෞකාව 2021 ඔක්තෝබර් 03 වන දින සිය ගමනාන්තය බලා නැවත යාත්‍රා කෙරිණි.

– media unit



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14