කොළඹ වරායේ ඉදිකිරීමට යෝජිත සේවා සැපයුම් මධ්‍යස්ථානයට වසර 15ක බදු නිදහසක් (වීඩියෝ)

කොළඹ වරායේ ඉදිකිරීමට යෝජිත සේවා සැපයුම් මධ්‍යස්ථානය සඳහා වසර 15ක බදු නිදහසක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත අත්හිටුවිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇති පසුබිමකයි.

කොළඹ වරාය තුළ උසස් තත්ත්වයෙන් යුතු ගුදම් පහසුකම්, ගබඩා පහසුකම් වැනි සේවා සදහා වූ සැපයුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ කොළඹ වරාය දකුණු ආසියාවේ සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම තීරණය ගත් බවයි.

අදාළ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රාජ්‍ය සහ පෞද්ගලික හිමිකාරිත්වයක් සහිත ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවනු ලබනවා.

ගැසට් නිවේදනයට අනුව ව්‍යාපෘති සමාගම වන South Asia Commercial and Logistics Hub Limited හි සියයට 70ක කොටස් අයිතියක් හිමිව ඇත්තේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගමටයි.

එහි සියයට 15ක කොටස් අයිතියක් ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, දේශීය සමාගමක් වන ඇක්සස් ඉන්ජිනියරින් පී.එල්.සී සමාගමට සියයට 15ක කොටස් අයිතියකුත් හිමි වනවා.

සම්පූර්ණ ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි.

පළමු අදියරය යටතේ මහල් 05ක් දක්වා වන ගබඩාවක්, කාර්යාල ගොඩනැගිල්ලක් මාස 42ක් තුළ ඉදිකිරීමට යෝජිත අතර ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 280ක් වෙන් කර තිබෙනවා.

දෙවැනි අදියර යටතේ බෙදාහැරීමේ සහ වෙළෙද මධ්‍යස්ථානය ඉදිකිරිමට යෝජිතයි.

යෝජිත සේවා සැපයුම් මධ්‍යස්ථානය සදහා වසර 15ක් බදුවලින් නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබෙනවා.

ආයතනික ආදායම් බදු සහ ලාභාංශ මත බදු සඳහා මෙම නිදහස හිමි වනවා.

සම්පූර්ණ ව්‍යාපෘති කාලසීමාව සදහා සමාගම රැදවුම් බද්දෙන් නිදහස් කර ඇති අතර ව්‍යාපෘති සමාගමේ විදේශගත සේවකයන් වසර පහක කාලයක් ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා.

ව්‍යාපෘතිය හා බැඳුණු සියලුම ආනයන භාණ්ඩ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලය සඳහා එකතු කළ අගය මත බද්දෙන්, සෙස් බද්දෙන්, රේගු ආනයන බද්දෙන් සහ වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදුවලින් නිදහස් කර තිබෙනවා.

එහෙත් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත අත්හිටුවිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇති පසුබිමකයි.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත භාවිතය ජාත්‍යන්තර මූල්‍ය අරමුල ද විසින් නිකුත් කර ඇති කොන්දේසිවලට පටහැනි ක්‍රියාවක් වනවා.

අදාළ කොන්දේසි මඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ක්‍රියාවට නැංවීමේ කාලය තුළ පනත අහෝසි කිරීම හෝ අත්හිටුවීම කළ යුතු බව ස්ථිරවම සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12