කොළඹ රථ ගාල් බදු ගත් ආයතනවලින් නගර සභාවට කෝටි 26ක පොල්ලක්

කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී 2021 වර්ෂයේ මුලු හිඟ ආදායම රුපියල් මිලියන 5,835.6ක් බවද, 2020 වර්ෂයේ රුපියල් මිලියන 5,386.4ක් බවද, 2019 වර්ෂයේ රුපියල් මිලියන 4,481.5 බවද අනාවරණය වුණා. වරිපනම් බදු, කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල් පවතින බවයි හඳුනාගෙන ඇත්තේ.

මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිඟ බදු පවතින දේපල අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

එසේම ඇතැම් දේපලවල හිමිකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, මහා නගර සභාව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිඟවීමත් මෙම මුදල් අය කර ගැනීමේදී ගැටලු ලෙස මතුවී ඇති බව ඔවුන් පෙන්වා දුන්නා.

පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරීම් සඳහාද වරිපනම් අංක ලබාදී ඇති බවයි.

මේ අනුව කමිටුව නිර්දේශ කළේ 2023 ජුලි මස 06 දින වන විට මෙම මුදල් අයකරගැනීමට දින වකවානු සහිතව වැඩපිළිවෙළක් සකස් කොට සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙසටයි.

එසේම රථගාල් ගාස්තු අය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන විසින් නගර සභාවට ගෙවිය යුතු මාසික කුලී මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇති බවත් 2021 වසරේ දෙසැම්බර් 31 දින වන විට ආයතන 38කින් අය කර ගත යුතු හිඟ ගාස්තු ආදායම රුපියල් මිලියන 265ක් බවත් අනාවරණය වී තිබෙනවා.

තවද මෙහිදී කොළඹ මහ නගර සභාවේ ගිණි නිවන ඒකකය පිළිබඳවද සාකච්ඡා වූ අතර මෙම අංශයේ සේවය අගය කරන බව ද ලංකාව පුරා මෙය ව්‍යාප්ත විය යුතු බවද කෝපා කමිටුවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

එසේම මෙහිදී සඳහන් වූයේ උස මහල් 20ක් පමණ වන තෙක් ගොඩනැගිලිවල ගිණි නිවීමට මෙම අංශයට පහසුකම් පවතින බවයි.

මෙහිදී කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මහල් 20 ඉක්මවන ගොඩනැගිලිවල ගින්නක් ඇති වුවහොත් ගුවන් හමුදාවේ සහයෝගය ලබාගැනීම වැදගත් වන බවයි.

මේ නිසා ගුවන් හමුදාව සමග සම්බන්ධීකරණය වැඩිකරගැනීමට කෝපා කමිටු සභාපතිවරයා උපදෙස් ලබා දෙනු ලැබුවා.

ගිණි නිවන ඒකකයේ පවතින පුරප්පාඩු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එසේම විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදු වුණා.

මේ අනුව මේ සඳහා විධිමත් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සහ එය නිවැරදිව අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

කොළඹ 07 ප්‍රදේශයේ පවතින ඉඩමක වරිපනම් ගෙවීම මගහැරීම පිළිබඳව සහ ඉඩම් ලේඛන නිවැරදිව පවත්වාගෙන නොයෑම පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා.

මේ අනුව මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජූලි මස 06 වැනිදා වන විට කෝපා කමිටුවට ලබාදෙන ලෙසටයි කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

එසේම බස්නාහිර මහා නගර සභා කොමසාරිස් කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

තවද කොළඹ නගරයේ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර ජුනි 21 දින මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කෝපා කමිටුව රැස් වන බවයි සඳහන් වූයේ. එදින මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සියලු පාර්ශ්වයන් කෝපා කමිටුවට කැදවන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

මීට අමතරව ඝණ අපද්‍රව්‍ය බැහැරකිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16