කොළඹ මුස්ලිම් පාසල් මුහුණ දෙන ගැටළු කඩිනමින් විසඳීමට ජනපතිගෙන් උපදෙස් (ඡායාරූප)

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී අද (02) දින පැවැති සාකච්ඡාවට එක් වෙමින්.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඇතුළු පාසල් විදුහල්පතිවරුන් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව එහිදී ඔවුන් ජනාධිපතිවරයාව දැනුවත් කළා.

ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටළු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු කෙරුණා.

ආසන්න වශයෙන් මුස්ලිම් සිසුන් 40,000ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

තවද, කොළඹ මුස්ලිම් පාසල් 19ක ආසන්න වශයෙන් ගුරුවරුන් 200 ක පමණ හිඟයක් පවතින බව විදුහල්පතිවරුන් සහ සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන් අතර, එහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ අදාළ ගුරු පුරුප්පාඩු සපුරාලීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් හඳුනාගෙන අවශ්‍ය පත්වීම් සිදු කරන ‍ලෙසයි.

මීට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම හේතුවෙන් මුස්ලිම් ජාතික සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට නොහැකි වීම කෙරෙහිද අවධානය යොමු වුණා. ඉඩකඩ ප්‍රමාණවත් නොමැති පාසල් සුදුසු ස්ථාන වෙත ගොනයාම සඳහා විකල්ප සොයා බලන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ගොඩනැගිලි හිඟයට පිළියම් යෙදීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත නව පාසල් ගොඩනැගිලි ඉදිකිරීමට ඇති බාධා මඟහරවා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

සාකච්ඡාවේදී මතු වූ කරුණු පිළිබඳ වැඩිදුරටත් සොයා බලා වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා මුස්ලිම් පාසල් මුහුණ දෙන අභියෝග පිළිබඳ තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා මෙම මස අවසානයේදී යළි සාකච්ඡාවක් කැඳවන බවද සඳහන් කළා.

උසස් පෙළ සමත් සිසුන් සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29