කොළඹ මහ නගර සභාවේ 2022 වසරේ හිඟ ආදායම ගැන කෝපා කමිටුවේ දී අනාවරණයක්

කොළඹ මහ නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා’ කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020 – 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී 2021 වර්ෂයේ මුළු හිඟ ආදායම රුපියල් මිලියන 5,835.6 ක් බවත්, 2020 වර්ෂයේ රුපියල් මිලියන 5,386.4ක් බවත් 2019 වර්ෂයේ මිලියන 4,481.5 බවත් අනාවරණය වුණා.

මෙහිදී වරිපනම් බදුල කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල් පවතින බව හදුනාගැණුනා.

මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිඟ බදු පවතින දේපළ අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

එසේම ඇතැම් දේපළවල හිමිකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, මහා නගර සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිඟවීමත් මෙම හිඟ මුදල් අයකරගැනීමේ දී ගැටලු ලෙස මතුවී ඇති බවයි.

එමෙන්ම අනවසර ඉදිකිරීම් සඳහා ද වරිපනම් අංක ලබාදී ඇති බවයි පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ.

මේ අනුව කමිටුව නිර්දේශ කළේ 2023 ජුලි මස 06 දින වන විට මෙම මුදල් අයකරගැනීමට දින වකවානු සහිතව වැඩපිළිවෙළක් සකස් කොට සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙසයි.

එසේම රථගාල් ගාස්තු අය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන විසින් නගර සභාවට ගෙවිය යුතු මාසික කුලී මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇති බවත් 2021 දෙසැම්බර් 31 දින වන විට ආයතන 38කින් අයකරගත යුතු හිඟ ගාස්තු ආදායම රුපියල් මිලියන 265ක් බවත් අනාවරණය වුණා.

තවද මෙහිදී කොළඹ මහ නගරසභාවේ ගිනි නිවන ඒකකය පිළිබඳව ද සාකච්ඡා වූ අතර, මෙම අංශයේ සේවය අගය කරන බවද ලංකාව පුරා මෙය ව්‍යාප්ත විය යුතු බවද, කෝපා කමිටුවේ සභාපතිවරයා පැවසුවා.

එසේම මෙහිදී සඳහන් වූයේ උස මහල් 20ක් පමණ වන තෙක් ගොඩනැගිලිවල ගිනි නිවීමට මෙම අංශයට පහසුකම් පවතින බවයි.

මහල් 20 ඉක්මවන ගොඩනැගිලිවල ගින්නක් ඇති වුවහොත් ගුවන් හමුදාවේ සහයෝගය ලබාගැනීම වැදගත් වන බවයි මෙහිදී කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න පැවසුවේ.

මේ හේතුවෙන් ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණය වැඩිකරගැනීමට කෝපා කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නා.

තව ද ගිනි නිවන ඒකකයේ පවතින පුරප්පාඩු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වුණා.

එසේම විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, මේ අනුව මේ සඳහා විධිමත් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සහ එය නිවැරදිව අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

කොළඹ 07 ප්‍රදේශයේ පවතින ඉඩමක වරිපනම් ගෙවීම මඟ හැරීම පිළිබඳව සහ ඉඩම් ලේඛන නිවැරදිව පවත්වාගෙන නොයෑම පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා.

මේ අනුව මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජූලි මස 06 වැනිදා වන විට කෝපා කමිටුවට ලබාදෙන ලෙස කමිටු සභාපතිවරයා නිර්දේශ කළා.

එසේම බස්නාහිර මහා නගර සභා කොමසාරිස් කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

තව ද කොළඹ නගරයේ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ අතර ජුනි 21 දින මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කෝපා කමිටුව රැස් වන බවයිග එදින මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සියලු පාර්ශ්වයන් කෝපා කමිටුවට කැදවන බවද කෝපා කමිටුවේ සභාපතිවරයා පැවසුවා.

මීට අමතරව ඝණ අපද්‍රව්‍ය බැහැරකිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34