කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි 16

අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරමින් එහි සභා වාරයේ ආරම්භය දැනුම්දී ඇත්තේ, මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසුවයි.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජුනි 16 වන දින උදෑසන 9.30 කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වීමට නියමිතයි.

නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුවනු ඇති.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කිසිදු පක්ෂයකට පූර්ණ බහුතරයක් නොලැබුණු අතර, ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙකම නිවේදනය කර ඇත්තේ නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහාය ලබාගෙන ඇති බවයි.

මේ අතර, බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව, තවත් පළාත් පාලන ආයතන 20ක මංගල රැස්වීම ද ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12