spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ පාරවල්වල ට්‍රැෆික් නම් බෝට්ටුවෙන් යන්න අවස්ථාවක්

කොළඹ නගරයේ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගියදා (23) ආරම්භ කළා.

බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන – හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා මෙම නව මගී බෝට්ටු සේවාව ක්‍රියාත්මක වනවා.

මෙම බෝට්ටු සේවාව මඟින් බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට⁣ විනාඩි 30ක් ඇතුළත ලඟාවීමට හැකියාව පවතිනවා.

මෙම බෝට්ටු සේවය සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී මෙරට අභ්‍යන්තර ඇළ මාර්ග ඔස්සේ තවත් බෝට්ටු සේවාවන් කිහිපයක් ආරම්භ කිරීම නියමිත බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

දිනපතා කාර්යාල වේලාවන්හි දී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර, එක් බෝට්ටුවක පුද්ගලයින් අටදෙනෙකුට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?