කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමක්

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මුළුතැන්ගෙයි සිදු වූ ගෑස් ආශ්‍රිත අනතුරකින් එහි සේවකයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මුළුතැන්ගෙට ගෑස් සපයන නළයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි. එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වූ අතර කොට්ටාව ප්‍රදේශයේ වෙළඳසැලකින් මිල දී ගත් ගෑස් සිලින්ඩරයකින් අධික ලෙස ගෑස් කාන්දු වන බව වාර්තා වුණා. 

මේ අතර වෙළඳපොළ තුළ ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීමෙන් තවදුරටත් ගෑස්පෝළිම් දක්නට ලැබෙනවා. අම්බලන්ගොඩ නගරයේ පිහිටි ලිට්රෝ සමාගමට අයත් අලෙවිසැලක අද අලුයම සිට දිගු පෝළිම් දක්නට ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා. 

උදෑසන 9ට පමණ එම ස්ථානයට ගෑස් සිලින්ඩර රැගත් ලොරියක් පැමිණ ඇති අතර එහි දී ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිීරීම සඳහා මැදිහත් වීමට පොලිසියට ද සිදු වුණා. ලිට්රෝ සමාගමට අයත් මෙට්‍රික් ටොන් 3700ක් අඩංගු ගෑස් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර පාරිභෝගික අධිකාරියේ මැදිහත් වීමෙන් එහි සංයුතිය පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. 

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, සිය සමාගමට අයත් ගෑස් නෞකාවක් ද හම්බන්තොට වරායට අද ළඟා වන බවයි. තොග ලැබුණ ද සිය සමාගමට උපරිම ධාරිතාවයකින් ගෑස් සැපයීම සිදුකළ නො හැකි බව ඔහු සදහන් කළා. ණයවර ලිපි නිකුත් කිරීමේ දී මතුව ඇති ඩොලර් අර්බුදය ඊට හේතු වී ඇති බවයි ලාෆ් සමාගමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට රු. 120ට වී ගන්න බෑ - අපි අසරණ වෙලා ඉන්නේ
08:56
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
02:30
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06