කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

අද (19) රාත්‍රී 10.00 සිට පැය 10 කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව එම ජල කප්පාදුව හෙට (20) උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශවලට සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර, කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලට ද මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.