කොළඹ නාගරික මන්ත්‍රීවරියට පහර දුන් සිව්දෙනෙකු මුදල් ඇප මත නිදහස්

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලි මහත්මියට හා ඇගේ සැමියාට පහර දුන් බව කියන සිද්ධියට අදාළව හා ආර්.එස් රෝහන නමැති අයෙකුට පහරදීමට අදාළ ව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනකු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (18) නියෝග කළා.

සැකකරුවන් සිව් දෙනාට සෑම මසකම අවසන් ඉරුදින ග්‍රෑන්ඩ්පාස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණයෙන් නියම වූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මන්ත්‍රීනි සඳමාලි මහත්මියට හා ඇගේ සැමියාට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් බව කියන ශාන්ත කුමාර ජයසූරිය,ප්‍රමිත් නිලංග සෙනෙවිරත්න හා ආර්.එස් රෝහණ නමැති අයෙකුට පහර දුන් බව කියන මන්ත්‍රීනි සඳමාලිගේ සැමියා වන සුමිත් ප්‍රියශාන්ත හා අහමඩ් කබීබ් නමැති සැකකරුවන් සිව්දෙනකු එසේ ඇපමත මුදා හැරුණා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් සැරයන්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියේදී පහර කෑමට ලක් වූ බව කියන නාගරික මන්ත්‍රීනී සඳමාලි හා ආර්.එස්.රෝහණ නමැති අයකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

පසුගියදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය තෝරා පත් කර ගැනීමේ සිද්ධියෙන් පසුව කොළඹ වේල්ස් කුමාර ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීනි සඳමාලි මහත්මියගේ කාර්යාලයක් අසලදී එම පහර දීම සිදු වී ඇති බවට සිදුකළ විමර්ශනවල දී කරුණු අනාවරණය වූ බව ද පොලිසිය පැවසුවා.

දෙපාර්ශ්වය අතර කලක පටන් පවතින ආරවුලක් මෙම පහරදීමට හේතු වී ඇතිි බවට කරුණු අනාවරණය වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදු කරමින් පවතිනන බව ද සැරයන්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නා.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ මොහොමඩ් ස්මයිල් මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.

දෙපාර්ශ්වය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සිව් දෙනා එසේ ඇප මත මුදා හැරීමට නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39