කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට අලියා කොන්දේසි විරහිතව සහාය දෙන බව සජබ ට දන්වයි (වීඩියෝ)

නිමාවට පත් වූ පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රතිඵල අනුව නගර සභා බලය පිහිටුවීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති වීම හේතුවෙන්, එම නගර සභාවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය නායකත්වය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පවසනවා.

අද (08) මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ජාතික ජන බලවේගය දැඩි උත්සහායක් දරමින් ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගෙන මෙම පළාත් සභාවල බලය පිහිටුවීමේ ක්‍රියාදාමයක නිරත වෙමින් සිටින බවයි.

කෙසේවෙතත් සමගි ජන බලවේගය පක්ෂයෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක් පත් කරගැනීමට තම පක්ෂයට හැකි බවත් ඒ සඳහා කොළඹ නගරය පිළිබඳව මනා අත්දැකීම් සහ දැනුමැති පිරිසක් තම පක්ෂය තුළ සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

ඒ සඳහා සෙසු පක්ෂවල ද සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම කොළඹ නගර සභාව පිහිටුවීමේ දී ‘කොන්දේසි විරහිතව තම සහාය සමගි ජන බලවේගයට‘ ලබාදෙන බවට එක්සත් ජාතික පක්ෂය පණිවිඩයක් එවා ඇති බව ද මුජිබර් රහුමන් මහතා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
4
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01