කොළඹ නගරය අවට විශේෂ ආරක්ෂාවක්

කොළඹ නගරය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ඊට යුද හමුදාව සහ පොලිසිය එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කොළඹ විශ්ව විද්‍යාලය, ලංකා බැංකු මාවත ඇතුලු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසක විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි සඳහන්.

ඊයේ රාත්‍රී සිට මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ අතර සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ප්‍රධානීන්ට ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

එහි දැක්වෙන්නේ පසුගිය වසරේ දිවයින තුළ පැවැති ආරක්ෂක තත්ත්වය හේතුකොට ගෙන අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් සඳහා ප්‍රමුඛතාවය ලබාදී ක්‍රියා කිරීමේ අවස්ථා අවහිර වීම හේතුවෙන් දිවයින තුළ නීති විරෝධී අවි ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අවශ්‍ය කරන සැකකරුවන් නිදැල්ලේ සැරිසැරීම හමුවේ අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි සිදු වීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇති බවට නිරීක්ෂණය වන බවයි.

ඒ අනුව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කිරීම, අවශ්‍ය කරන සැකකරුවන් හා වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම, ගිනි අවි, මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැළැක්වීම හා එවැනි ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කිරීමට පියවර ගෙන ඉහත ප්‍රවණතාවයන් පාලනය කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක් දිවයින තුළ ක්‍රියාත්මක කළ යුතු බැවින් එහි මූලික පියවරක් වශයෙන් ඊයේ (12) සවස 6 සිට ලබන සඳුදා අලුයම 6 දක්වා අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් හා මාර්ග බාධක ක්‍රියාත්මක කළ යුතු බව දැනුම්දී තිබෙනවා.

සෑම පොලිස් ස්ථානයකම යොදවා ගත හැකි උපරිම නිලධාරීන් සංඛ්‍යාවක් සහභාගී කරවාගෙන සියලුම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි දිවා රාත්‍රී අඛණ්ඩව මාර්ග බාධක ස්ථාපිත කර සෝදිසි කිරීම් සිදු කිරීම කළ යුතු බවටයි පොලිස්පතිවරයා දන්වා ඇත්තේ.

කාර්යාලවල රාජකාරියේ නිරත නිලධාරීන් උපරිම ප්‍රමාණයක් මෙම රාජකාරී සඳහා සහභාගී කරවා ගත යුතු බවට ද දැනුම්දී තිබෙනවා.

මාර්ගයේ ගමන් කරනු ලබන සෑම වර්ගයකම වාහන ඇතුළත් වන පරිදි අහඹු ලෙස තෝරාගෙන සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීම සඳහා පියවර ගැනීම කළ යුතු අතර පොලිස් බල ප්‍රදේශවල අපරාධ බහුලව සිදුවන ස්ථාන හඳුනාගෙන අපරාධ වැළැක්වීමේ මුර සංචාර යෙදවීම කළ යුතු බව ද පොලිස්පතිවරයා පොලිස් ප්‍රධානීන්ට යොමු කළ ලිපියේ සඳහන්.

Police Letter OK


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48