කොළඹ කොටුව ආසන්නයේදී දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබෙනවා.

මාතර සිට පැමිණි දුම්රියක් අද පස්වරුවේ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

එම දුම්රිය අද පස්වරු 5.45ට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක්.