කොළඹ කොටුවේ ලයිට් කණුවක් මත නැඟ පුද්ගලයෙක් විරෝධතාවයක (වීඩියෝ)

කොළඹ – කොටුව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට, ඕල්කට් මාවතේ පිහිටි විදුලි කණුවක නැඟී පුද්ගලයෙක් අද (11) පස්වරුවේ විරෝධතාවයක නිරත වුණා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඕල්කට් මාවතේ පිටකොටුව දෙසට ගමන් ගන්නා මංතීරුව වසාදමා ගිනි නිවීමේ රථයක් ආධාරයෙන් එම පුද්ගලයාව කණුවෙන් බිමට බස්සවා ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව එම පුද්ගලයා කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

  1. අපරාදෙ ඇයි බැස්සුවෙ.තව පැය දෙක තුනක් ඉන්න දුන්න නම් මිනිහ බහිනවනෙ.