spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ කතරගම අර්ධ සුඛෝපභෝගී සේවාව අවලංගු වෙයි

අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි ගාලු පාරේ කොළඹ – කතරගම දක්වා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගි බස් රථවලින් සාමාන්‍ය බස්ගාස්තු අය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රුපියල් 1541 ක් පැවති අර්ධ අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තුව රුපියල් 1117 දක්වා අඩු කිරිමටයි තීරණය කර ඇත්තේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොළඹ, මාතර, ගාල්ල අධිවේගී බස්රථවලින් රජයට අයකරන තාක්ෂණික ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින්.

මෙතෙක් ගාලු පාරේ ධාවනය වු කොළඹ කතරගම අර්ධ සුබෝපභෝගි බස් රථ සංඛ්‍යාව 28ක්.

මේ අතර අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ ගාස්තු ද අද මධ්‍යම රාත්‍රියේ සිට 10%කින් අඩු කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?