කොළඹ අති­රේක මහේස්ත්‍රාත්වරයාගෙන් TIDයට නියෝගයක්

පුද්ග­ල­යන් 12 දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ISIS ත්‍රස්ත සංවි­ධා­නය ප්‍රව­ර්ධ­නය කර­මින් ප්‍රකාශ පළ කර එම සංවි­ධා­නයේ ලාංඡන සහිත මුදු ළඟ තබා­ගත් බව කියන සිද්ධි­යට අදා­ළව ලිඛිත දේශ­න­යක් සහ රස පරී­ක්ෂක වාර්තා වහාම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට නියෝග කළා.

මෙම සිද්ධි­යට අදා­ළව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන් පසුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම නියෝ­ගය කරනු ලැබුවා.

මෙම සැක­ක­රු­ව­න්ගෙන් පස්දෙනකු ඉන්දි­යාවේ සිටින අතර, සැක­ක­රු­වන් සිව්දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නා.

චානී මොහො­මඩ් රිස්මන්, මොහො­මඩ් පාරුක් සනීකි, මොහො­මඩ් අබ්දුල් රාහිත් යන සැක­ක­රු­වන් ඉන්දි­යා­වේ දී අත්අ­ඩං­ගු­වට ගෙන තිබු­ණ ද අබ්දුල් සෙයිනි මවු­ලනී මේ වන තෙක් අත්අ­ඩං­ගු­වට ගෙන නොමැති බවයි ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේ.

ත්‍රස්ත විම­ර්ශන කොට්ඨාස පන­තට මෙම සිද්ධිය අදාළ වන බව විම­ර්ශන නිල­ධා­රින් අධි­ක­ර­ණ­යට දන්වා තිබුණා.

සැක­කාර පාර්ශ්වයේ පිරිස සඳ­හන් කරන්නේ මෙම ක්‍රියා­ව­ලිය ත්‍රස්ත විම­ර්ශන කොට්ඨාස පන­තට අදාළ නොවන බවයි.

ඒ, අනුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය, සිද්ධි­යට අදා­ළව ලිඛිත දේශ­න­යක් සහ රස පරී­ක්ෂක වාර්තා වහාම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස­ටත් විම­ර්ශන කට­යුතු තව­දු­ර­ටත් සිදුකරන ලෙස­ටත් ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14