කොළඹට සහ ගම්පහට දින දෙකකට ගෑස් සිලින්ඩර 30,000ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීම මත අද (09) සහ හෙට (10) දිනයන් වලදී ගෑස් සිලින්ඩර 15,000 බැගින් බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළා.

කොළඹ සහ ගම්පහ නගරවලට මූලිකත්වය ලබාදෙමින් එම ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.