spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹට පමණක් හෙට ලැබෙන ඉන්දියාවේ බිත්තර

පසුගිය 19 වනදා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ මිලියනයක බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාව හෙට (24) දිනයේ දී සිදුකරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඊට අමතරව පසුගිය 15 වනදා මෙරටට රැගෙන එන ලද බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාවේ වාර්තාව හෙට (24) දිනයේ ලැබීමට නියමිතයි.

ඒ, අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේම මුදාහැරීමට හැකියාව පවතින බවයි රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස මුදාහැරීමට නියමිත බිත්තර තොගය කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි සහ හෝටල් කර්මාන්තකරුවන් වෙත නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ඉන්දියාවේ සිට මෙරටට මේ වනවිට බිත්තර මිලියන පහකට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?